රූපය 1.8 - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ යෙදවුම්
1.4.1 ඉ -- රාජයේ යෙදවුම් (e - Government)
රජයක්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගනිමින් තම රටෙහි පුරවැසියන්, සමාගම්, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සහ වෙනත් රටවල රාජ්‍යයන් සමග සම්බන්ධතා පැවැත්වීම ඉ-රාජ්‍යය (e - Government) ලෙස දැක්විය හැකි ය. උදාහරණ වශයෙන් මෙම සම්බන්ධතා සඳහා ශ්‍රී ලංකා රජයේ වෙබ් පිටුව, රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ආයතනය ( ICTA) වැනි රජය හා සම්බන්ධ වෙබ් අඩවි ගත හැක. රජය හා සම්බන්ධ ව කටයුතු කර ගැනීමේ දී සහ රාජ්‍ය තොරතුරු ලබා ගැනීමේ දී ඇති වන අපහසුතා බොහෝ දුරට වළක්වා ගැනීමට මේ නිසා හැකි වී තිබේ.
⋆ ඉ - රාජ්‍යයේ සම්බන්ධතා (http://www.gov.lk)
1.4.2 අධ්‍යාපන ක්ෂේත්රයේ යෙදවුම්
පොත් අතර සිර වී තොරතුරු රැුස් කළ කාලය මේ වන විට ක්‍රම ක්‍රමයෙන් අපගෙන් දුරස් වී යමින් පවතී. පහසු ස්ථානයක පහසු ආකාරයෙන් හිඳිමින් ඕනෑ ම වේලාවක මුළු ලොව ම දැක ගැනීමේ හා අධ්‍යයනය කිරීමේ වාසනාව මේ වන විට ඔබටත් ලැබී ඇත. ඒ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ දියුණුව නිසා ය. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඔබගේ අධ්‍යාපනයට උදවු වන ආකාර බොහොමයක් ඇතත් ඉන් සමහරක් මෙසේ ගොනු කර දකිමු 
• පරීක්ෂණ සහිත වීඩියෝ දර්ශන
• පරිගණක ඇසුරෙන් නිර්මාණ කිරීම (පිංතූර සහ විඩියෝ සකස් කිරීම්) •සඟරා, ලිපි, ලේඛන සකස් කිරීම සහ මුද්‍රණය කිරීම
•අධ්‍යාපනික ක්‍රීඩා
• CD-ROMමාධ්‍යයෙන් තොරතුරු අධ්‍යයනය
•අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනික තොරතුරු රැුස් කිරීම
b) ඕනෑ ම තැනක දී ඕනෑ ම වේලාවක දී අධ්‍යාපනය ලැබීම
ඔබට පරිගණයක් සහ අන්තර්ජාල පහසුකම් ඇත්නම්, නිවසේ සිට හෝ වෙනත් පහසු ස්ථානයක දී හෝ අවශ්‍ය වේලාවක දී අධ්‍යාපනය ලබා ගැනීමට පුළුවන. උදා -
•www.schoolnet.lk
• නැණසල (nenasala.lk)
• ඉ-තක්සලාව (www.e-thaksalawa.moe.gov.lk/)
• වෙබ් පාඨශාලා (www.edulanka.lk/Web-Patashala)
• විදු මං පෙත (www.vidumanpetha.com)
වැනි වෙබ් අඩවි උපයෝගී කර ගනිමින් අධ්‍යාපනය වැඩි දියුණු කර ගැනීම සඳහා ස්වයංඅධ්යයනයේ යෙදීමට ඔබට පුළුවන. එසේ ම නිවසේ සිට ම අන්තර්ජාලය යොදා ගනිමින් ගුරුවරයෙකු හා සම්බන්ධ වීමට (Web Based Training (WBT) හා Web Based Learning) තුළින් වැඩි දුර අධ්‍යාපනය ලැබීමට ඔබට හැකියාවක් ලැබී ඇත. එමගින් ගමනාගමන අපහසුව සහ වියදම අවමවීම, කාලය ඉතිරි වීම සහ විඩාව අවම වීම වැනි වාසි රැුසක් ලැබේ.