දත්ත (Data) ලෙස හැඳින්වේ. දත්ත ගොනු කිරීමෙන් සහ සකස් කිරීමෙන් අර්ථවත්
තොරතුරු (Information) ලබා ගත හැකි වන අතර එම තොරතුරු, තීරණ ගැනීම සඳහා
අපට උපකාරී වනු ඇත.
දත්ත සකස් කිරීමට යොමු කිරීම ආදානය (Input) ලෙසත් සකස් වූ තොරතුරු
ලබා ගැනීම ප‍්‍රතිදානය (Output) ලෙසත් හැඳින්වේ. මේ සියල්ලේ එකතුව පද්ධතියක්
ලෙස හැඳින්විය හැකි ය.
එසේ නම් පද්ධතියක ප‍්‍රධාන කාර්යය වන්නේ දත්ත ලබා ගැනීමත්, ඒවා සකස්
කිරීම සහ සුරැුකීමත්, අවශ්‍ය වූ විට අවශ්‍ය තොරතුරු ලබා දීමත් වේ.
උදාහරණ 1
පාසල් වාර විභාගය අවසානයේ දී පන්තියේ ළමයින්ගේ නම් සහ ලකුණු වෙන
වෙන ම සටහන් කළහොත් ඉන් එක්වර විෂය හා ලකුණු පිළිබඳ අදහසක් ලබා ගැනීමට
නොහැකි වේ.
රවී 78, 90, 79, 67, 76, 78 රිස්වාන් 87, 70, 80, 75, 80,80 ක‍්‍රිෂාන් 76, 78, 67, 80, 79, 76
එහෙත් මෙම ලකුණු පහත ආකාරයෙන් වගු ගත කළ හැකි ය.
මෙම වගුව තුළින් ළමයින්ගේ ලකුණු පිළිබ`ද තොරතුරු දිස්වේ. එහෙත් මෙම තොරතුරු නිගමනයක් සඳහා ප‍්‍රමාණවත් නොවිය හැක.
මෙම වගු ගත කොට ඇති ලකුණු ගණනය කිරීමකට ලක් කළ හැකිය.
දැන් මෙම වගුව තුළින් අවශ්‍ය තොරතුරු ගුරුතුමාට ලබා ගැනීමට හැකි බව ඔබට වැටහෙනු ඇත. එක් එක් ළමයාගේ මුළු ලකුණු, ඔවුන්ගේ සාමාන්‍ය ලකුණ, ඔවුන්ගේ විෂය දක්ෂතාව, ස්ථානය ආදී තොරතුරු එම වගුව තුළින් ගුරුතුමාට දැනගත හැකි ය. මෙසේ ලබා ගන්නා තොරතුරු ගුරුතුමාට තීරණ ගැනීමේ දී ද වැදගත්වනු ඇත.
උදාහරණ 2
මෙම සලකුණු දෙස බලන්න.
උදාහරණ 3 ජාතික හැඳුනුම්පතක ඇති අංකය නිරීක්ෂණය කරන්න. එය දුටු විට අපට ඒවා අංක පමණක් බව වැටහුණත්, ඒවා හොඳින් නිරීක්ෂණය කළ විට එම අංකය ඔස්සේ අපට තොරතුරු ලබා ගැනීමට හැකි බව පෙනී යයි. එනම්, මෙහි දී එක් එක් සංඛ්‍යා වෙන ම ගත් කල අර්ථයක් නොමැති අතර සම්පූර්ණ අංකයෙහි අංකවල ඇති ස්ථානය ගත් කල තොරතුරක් ලබා ගත හැකි ය.
Thanks nice post
ReplyDeleteGrate
ReplyDeleteGood
ReplyDelete