Wednesday, January 11, 2017

1.3 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

 දත්ත පිළිවෙළකට සකස් කිරීමෙන් තොරතුරු ලබා ගන්නා බවත්, එම තොරතුරු අපට තීරණ ගැනීමට උදවු වන බවත් අපි ඉගෙන ගතිමු. මෙසේ අප ලබා ගන්නා වූ තොරතුරු වෙනත් අයෙකු හෝ වෙනත් පරිසරයක් හෝ සමග හුවමාරු කර ගැනීම තොරතුරු සන්නිවේදනය කිරීම වේ.  ඈත අතීතයේ පටන් ම මිනිසා දත්ත සකස් කර තොරතුරු ලබා ගැනීමත් හුවමාරු කර ගැනීමත් කළේ ය. එවිට බොහෝ දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදු වූ  නමුත් තාක්ෂණයේ දියුණුවත් සමග ම තොරතුරු සකස් කර ගැනීම සහ හුවමාරු කර ගැනීම ඉතා පහසු කරුණක් වී ඇත. දත්ත සකස් කර තොරතුරු බවට පත් කිරීමටත්, ඒවා හුවමාරු කර ගැනීමටත්  තාක්ෂණය විවිධාකාරයෙන් යොදා ගැනේ. මෙය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය නම් වේ.

No comments:

Post a Comment